FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල ඉහළ දමයි..

රජයේ ඉන්ධන මිල සුත‍්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත‍්‍රීයේ සිට පෙට්‍රල් (92/95) රුපියල් 4/- කින්ද, සුපර් ඩීසල් මිල රුපියල් 3/-කින්ද, ඔටෝ ඩීසල් මිල රුපියල් 5/-කින්ද, ඉහළ දැමීමට තීරණය වු බව මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145/- සිට රුපියල් 149/- දක්වාද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157/- සිට රුපියල් 161/- දක්වාද මිල ඉහළ දමා තිබේ.
එසේම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 130/- සිට රුපියල් 133/- දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118/- සිට රුපියල් 123/- දක්වාද වැඩි කර තිබේ.
මෙරට ඉන්ධන මිල තීරණය සඳහා වන මිල සුත‍්‍රය ගණනය කරන කමිටුව ඊයේ (10) පසුවරුවේ මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යංශයේ රැස්වී ගත් තීරණයකට අනුව මිල සුත‍්‍රයට අනුව ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කළ බව එම එම අමාත්‍යංශය කියයි.
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්‍ෂව දේශිය වෙළද පොළේ ඉන්ධන මිලද මෙසේ ඉහළ දැමු බවද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.