FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් ඒකාබද්ධයට පැමිණිල්ලක්..

ඒකාබද්ධය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ “ජනබලය කොළඹට” විරෝධතාව සඳහා එක්වූවන්ට විෂ දැමූ කිරිපැකට් ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂයට එල්ල කරන චෝදනාව පිළිබඳව විමර්ශනයක් ඉල්ලා එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අද (10) මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
හරීන් ප්‍රනාන්දු , මුජිබර් රහුමාන් හා නලින් බණ්ඩාර යන මැති ඇමතිවරුන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ශෙහාන් සේමසිංහට හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ට එරෙහිවය.
එම අමාත්‍යවරුන් පිරිස සදහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.