FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ කැමැත්න මහින්දට බව කියයි.

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවශයෙන් පත්කිරීමේ එකගතාවයකට තමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අත්සන් කළ බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් කියයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යොමුකළ ලිපිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමුකළ ලිපියේ සඳහන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨයින් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා දීමට කැමති බවද ඔහු පවසයි.