FAST NEWS

24×7 Around the Globe

සයිටම් සිසුන් පිරිසක් විරෝධතාවයක..

සයිටම්  සිසුන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඒ සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේදී මුදල් අයකර නොගන්නා ලෙස ඉල්ලමින්ය.
සයිටම් ආයතනයට සම්පූර්ණ පාඨමාලා මුදල් ගෙවූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.
පෙරවරු 11.00 ට පමණ ආරම්භ කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ඉදිරිපස මංතීරුවේ සිට පවත්වමින් සිටියි.