FAST NEWS

24×7 Around the Globe

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ..

විදේශ සංචාරකයන් මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් හෙට (11) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
ඒ අනුව විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සඳහා මෙම කාර්යාලය විවෘත කෙරෙනු ඇත.
මේ හෙට (11) පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කාර්යාලය විවෘත කරන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.