FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ගෙනා 20 ට එරෙහිව රාවණා බලයෙන් පෙත්සමක්..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන සංශෝධන යෝජනාව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රාවණා බලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ මැඩිල්ලෙ පඤ්ඤාලෝක හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය යනුවෙන් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව එම හිමිවරුවන් සදහන් කරයි.
මෙම යෝජනාව තුළින් සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් එම හිමිවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.