FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ අද (10) විශේෂ මහාධිකරණය හමුවට..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනා අද (10) විශේෂ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා පසුගිය අගෝස්තු 24 වනදා මෙම නඩුව පවරා තිබුණි.
විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව අද (10) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව තිබේ.
එහි විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කර තිබුණේ පසුගිය 27 වනදායි.
D.Undugoda