FAST NEWS

24×7 Around the Globe

අගමැති හෙට වියට්නාමයට..

ලෝක ආර්ථීක සමුළුවේ ආරාධනයකට අනුව වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියානු ලෝක ආර්ථීක සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (10) වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
කලාපිය අනාගත ආර්ථීක පුරෝකථන, ප්‍රවනතා සහ අභියෝග පිළිබද මෙවර සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇත.
ආසියානු සංවිධානයට අයත් රටවල සහ අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින් ගණනාවක් සමුළුවට සහභාගීවිමට නියමිතයි.
D.Undugoda