FAST NEWS

24×7 Around the Globe

මෙවර ජිනීවා සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් නැහැ..

මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායමක් යැවීමට අදහසක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජිනීවා නුවර ජගත් සංවිධාන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් එම සැසියට එක්වන බවට වාර්තා පළ වෙයි.
ජිනීවා ජගත් සංවිධාන කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙස රවිනාථ ආරියසිංහට පසුව පත්වූ අබ්දුල් අසීස් එහිදී ලක් රජය නියෝජනය කරනු ඇති.
මීට පෙර පැවති මානව හිමිකම් මණ්ඩල සැසිවාර සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායම් යැවීමට රජය පියවර ගෙන තිබූ අතර මෙවර සැසි වාරය සඳහා තම නියෝජිත කණ්ඩායමක් ජිනිවා වෙත යැවීම පිළිබඳව ලබන 14 වන දා පැවැත්වෙන රැස්වීමකදී තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරය සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
D.Undugoda