FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ආරම්භ වෙයි..

06 වන වරට පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ස්ලිනෙක්ස්, ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ඊයේ (07) ආරම්භ විය.
ඒ සඳහා කිර්ච්, සුමිත්‍ර සහ කෝරා – දිවා නැමැති ඉන්දියානු නාවික හමුදා යුද නෞකා තුන ත්‍රිකුණාමල වරායට ඊයේ සේන්දු වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සමුද්‍ර ආශ්‍රිත හෙලිකොප්ටර් යානයක් සහ ඩෝනියර් වර්ගයේ මුර සංචාර යානා 02 ක්ද ,
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සයුරළ, සමුද්‍ර සහ සුරනිමල යන නෞකා තුන ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගිවනු ඇත.
ඒකාබද්ධ නාවික අභ්‍යාසය ලබන සඳුදා දක්වා ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව පැවැත්වෙයි.
D.Undugoda