FAST NEWS

24×7 Around the Globe

විජයකලාට එරෙහිව නඩු පවරන ලෙස පොලිස්පතිට නියෝග..

හිටපු රාජ්‍ය ඇමතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ ඇය වරදක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස
නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍යවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය උල්ලංගණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයට අධිචෝදනා පත්‍ර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගියෙදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු හා නැගෙනහිර පළාත්වල යළි එල්.ටී.ටී.ඊ, සංවිධානය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියාය.
D.Undugoda