පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වනදා සිට 24 වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙහිදී ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා දැමෙන අතර අනෙක් පාසල් 20 කොටස් වශයෙන් වසා දැමීමට නියමිතය.









