FAST NEWS

24×7 Around the Globe

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

මේ දිනවල ප්‍රදේශ රැසකට පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි දිනවලද බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට දින (07) දහවල් 12.08 බූස්ස, අක්මීමන, අකුරැස්ස, කඹුරුපිටිය, හක්මන සහ දෙනගම යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
D.Undugoda