FAST NEWS

24×7 Around the Globe

අධිමාත්‍රා ඖෂධයක් වන ට්‍රමඩෝල් කන්ටේනරයක් අත්අඩංගුවට..

කොළඹ වරායේ කන්ටේනරයක තිබී අධිමාත්‍රා ඖෂධයක් වන ට්‍රමඩෝල් මිලිග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබූ තොරතුරක් මත රේගු නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට මෙම මත්පෙති තොගය සූදානම් කර තිබූ අතර, එය පෙට්ටි 585 ක අසුරා තිබූ බවයි පොලීසිය සඳහන්
D.Undugoda