FAST NEWS

24×7 Around the Globe

කතානායකගෙන් දිනේෂ් ගුණවර්ධනට ලිපියක්..

පක්ෂ නියෝජිතයින්ගේ ඉන්දියානු සංචාරය සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ආරාධනා කරනු ලැබුවේ විපක්ෂයේ පදවි තානාන්තර පිළීබඳ සැලකිල්ලට ගනිමින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා විසින් ලිඛිතව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත දැනුම්දී ඇත.
ඉන්දියානු රජයේ ආරාධානයකට අනුව සුදානම් කර ඇති පක්ෂ නියෝජිතයින්ගේ සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට කථානායකවරයා විසින් පසුගියදා ආරාධනා කර තිබුණි.
පසුව මෙම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම සංචාරය සඳහා සහභාගී නොවන බව කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
එම ලිපියට පිළීතුරු වශයෙන් කථානායක කරූ ජයසූරිය මහතා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත දැනුම්දී ඇත්තේ අදාළ ආරාධනය කරනු ලැබුවේ සත්භාවයෙන් හා ගෞරවයෙන් බවයි.
මෙය මාධ්‍යයට හෙළි කල යුතු කරුණක් නොවූව ද පසිගියදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කර තිබු බැවින් මෙම පැහැදිලි කිරීමද මාධ්‍යයට නිකුත් කරන බව කථානායකවරයා දැනුම් දී තිබේ.
D.Undugoda