FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් රුබෙල්ලා තුරන් වෙයි…

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කොට ඇත.
මීට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැඟෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම ඊයේ (05) සිදුකරනු ලැබීය.
ශ්‍රී ලංකාව 2015 වසරේදී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේදී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් 2017 වසරේදී මවගෙන් දරුවාට බෝවන නව ජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරන ලදී.
රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරමින් ඊට අදාළ සහතිකය පිරිනමන අවස්ථාවේදී කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් චෙට්ත්‍රපාල් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සෑම වසරකදීම කිසියම් රෝගයක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගන්නා අතර ඊට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නායකත්වය රුකුලක් වන බවයි.
D.Undugoda