FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට පවරා ගැනීම සම්බන්ධව යෝජනාවක්..

සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ක්‍රියාත්මක වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ඉදිරිපත් වී ඇති යෝජනාව සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.
මෙම යෝජනාව ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත්ව ඇත.
D.Undugoda