FAST NEWS

24×7 Around the Globe

ජේම්ස් පැකර් ක්‍රවුන් සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

ඔස්ට්‍රේලියානු ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ක්‍රවුන් රිසෝට්ස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව තිබේ.

සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත පෙන්වාදෙන පරිදි පැකර්ගෙන් හිස්වන සමාගමේ සභාපති ධුරයට රොබට් රැන්කින් පත්වනු ඇත.

ඒ අනුව, පැකර් ඉදිරියේදී සමාගමට අනුබද්ධ මැකවු හා පිලිපීන් රාජ්‍යයන් හි කැසිනෝ ව්‍යාපාර මෙහෙයවන මෙල්කෝ ක්‍රවුන් හි සම සභාපති ධුරයේ කටයුතු කරනු ඇති බව පැවසෙයි.