FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද..

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අදට (06) යෙදී ඇත.
ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි.
මෙවර “වැඩ කරන, වැඩ කරපු 72” යන තේමාව යටතේ සංවත්සරය සමරනු ලබයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහ සාමාජිකයින් සියල්ලන්ගේ සහාභාගීවයෙන් මෙවර සංවත්සරය සමරනු ලබන බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
1946 වසරේ සැප්තැම්බර් 06 වනදා එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන්නේ නිදහස් සටනේ පෙරමුණ ගත් දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ මූලිකත්වයෙන්ය.
පක්ෂයේ නායකත්වයන් දැරූ ප්‍රබලයන් කීපදෙනෙක් රැසක් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලින් ජීවිතයෙන් සමු ගනිද්දී වත්මන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂය මෙහෙයවීමේ වගකීම භාරගනු ලැබීය.
D.Undugoda