FAST NEWS

24×7 Around the Globe

‘ජනබලය’ හේතුවෙන් මාර්ග රැසක රථවාහන තදබදයක්..

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන ‘ජනබලය’ උද්ඝෝෂණය පස්වරු 2.00 ට ආරම්භ වූ අතර බොරැල්ල, විහාරමහාදේවී උද්‍යානය, ටෙක්නිකල් හන්දිය, සුගතදාස ක්‍රීඩාංගණය, නවලෝක රෝහල යන ස්ථාන ඔස්සේ උද්ඝෝෂකයන් පැමිණිමට නියමිතය.
කොළඹ – කොටුව, පුරහල, මරදාන සහ ඩී.ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශ ඔස්සේ මේ වනවිට විරෝධතාකරුවන් පැමිණෙන බවද වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සවස 5.00ට පමණ ලේක්හවුස් වටරවුමට එක්වන බවද වාර්තා වේ.‍
පොලිස් කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තු පාර ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රධාන ස්ථානයන් අවට රැඳී සිටියි.
පාසල් ළමයින් කොළඹ නගරයෙන් බැහැර වූ පසුව සවස තුනට පමණ විරෝධතා පාගමන් ආරම්භ කිරීමට සංවිධායකයන් සැලසුම් කර තිබුණි.
විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ නගරයේ මාර්ග රැසක රථවාහන තදබදයක්ද හටගෙන ඇත.
D.Undugoda