FAST NEWS

24×7 Around the Globe

රන්ජන් රාමනායකගේ නඩුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට..

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10, 11 සහ 12 යන දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කර ඇත.
ඒ මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
අමාත්‍යවරයාට නඩුව පවරා ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකටයි.
D.Undugoda