FAST NEWS

24×7 Around the Globe

බ්ලූමැන්ඩල් කුණු කන්දේ ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක්..

බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව රජය පවසයි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, යුධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මෙම පරීක්‍ෂණ පවත්වන් බවයි.
මෙම කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයට මෙ වන විට කසළ බැහැර කිරීමක් සිදු නොකරයි.
නමුත් අදාළ බිම් කොටස ශ්‍රී ලංකා රේගුවේ ගුදම් පහසුකම් පවත්වාගෙන යාමේ පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා ලබා දීමට සැලසුම් කර තිබේ.
D.Undugoda