FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන ඇගයීමක් පාර්ලිමේන්තුවේදී..

රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (05) පෙ.ව.10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සංවිධානය කරනු ලබන මෙම ඇගයීමේ වැඩසටහනින්, රාජ්‍ය ආයතන 837ක් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර තිබේ.
මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කරන බව වාර්තා වෙයි.
2016 වර්ෂයේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් වියදම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙම ඇගයීම් සිදු කර ඇති බව ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.