FAST NEWS

24×7 Around the Globe

“ජනබලය කොළඹට” අද (05) පස්වරුවේදී..

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව අද (05) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත අතර, නමුත් එම විරෝධතාව පැවැත්වෙන ස්ථානය පිළිබඳව මෙතෙක් අනාවරණයක් සිදුකර නොමැත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (04) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්විය.
මෙම සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් ද එක්ව සිටි බව වාර්තා වේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අද (05) පැවැත්වෙන මෙම විරෝධතාව සාමකාමී සත්‍යක්‍රියාවක් බවයි.
D.Undugoda