FAST NEWS

24×7 Around the Globe

ජනපති ලේකම් කාර්යාල මුරපොළේ ස්ථානාධිපති පහරකෑමකට ලක්වෙයි..

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පොලිස් මුරපෙළේ ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කඩුගන්නාව ඌරපොළ ප්‍රදේශයේදී පහරකෑමකට ලක්වී ඇති අතර පුද්ගලයන් තිදෙනකු පහරදුන් අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ආත්ම ආරක්‍ෂාව පතා පෙරළා පහරදී ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට පහර කෑමට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මහනුවර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඔහුගෙන් පහර කෑමට ලක්වූ බව කියමින් පුද්ගලයන් දෙදෙනකු ද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් පසුවන බව ‍කඩුගන්නාව පොලිසිය සදහන් කරයි.
දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පසු එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය පවසයි.
මහනුවර මූලස්ථාන පොලිසිය සහ කඩුගන්නාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබයි.
D.Undugoda