FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ නවතා තිබූ ලොරියක ජීව අත්බෝම්බ 02 ක්..

අද (04) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පාලම අසළ දී නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
සැකකරුවන් වැලිගම සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
D.Undugoda