FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම පිළිබඳ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට..

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමීවු යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය.
එමඟින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, දුරකථන දීමනා, මාසිකව ඉන්ධන ලීටර් 225ක් සහිතව නිල වාහනයක් ලබාදීමට යෝජනා වි තිබේ.
එසේම අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් සඳහා මාසිකව රුපියල් 75,000ක දීමනාවක්ද දුරකථන දීමනාවක් ද, ප්‍රවාහන දීමනාවක් ද ලබාදීමටද එමගින් යෝජනා වී ඇත.
DE සිල්වා