FAST NEWS

24×7 Around the Globe

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ..

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට ‍වෙත පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය මාධය වෙත සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් එවැනි උපදෙස් ලැබි නැති බවත් පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදීවත් එවන් උපදෙස් නොලැබුණ බවද මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.
එසේම අදාළ දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවද කථානායක මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පෙන්වා දෙයි.
DE සිල්වා