රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම, කොළඹ මළලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා පරිපාලන ආයතන ගොඩනැගිල්ලේ සිය රාජකාරී කටයුතු අද (03) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව මේ මස අවසානයේ දී එම කොමිසම විසින් මූලික වාර්තාවක් ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
අගෝස්තු 20 වනදා සිට මාස 02 ක කාලයක් සඳහා ගැසට් නිවේදනයක් මගින් පත් කෙරුණු සමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ,කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර ලේකම් ධූරය සදහා එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ.
ඒ අනුව මෙම කාලය තුල මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතයි.
DE සිල්වා








