FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂයේ තීරණාත්මක රැස්විම් 02 ක් අඟහරුවාදා..

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා (04) පස්වරුවේ පැවත්විමට නියමීතය.

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපුජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පක්‍ෂ නායක රැස්වීම එදින පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිත බ පැවසේ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය – කොළඹට විරෝධතා රැළිය පවත්වන ස්ථාන පහ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනිමට නියමිතය.

විරෝධතාවය පවත්වනු ලබන ස්ථාන පහ පිළිබඳව ඊට පසුදින (05) නිවේදනය කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

De සිල්වා