FAST NEWS

24×7 Around the Globe

විල්පත්තුවේ ස්ථාපිත සංචාරක බංගලා තාවකාලිකව වසා දමයි..

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තුවේ ස්ථාපිත සංචාරක බංගලා වසා දැමීමට පියවර ගෙන තිබෙන අතර වනෝද්‍යාන භාර නිලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ එම බංගලාවල නවීකරණ කටයුතු සිදු කිරීමටද අරමුණු කර ගනිමින්.
ඊයේ (01) දිනයේ සිට ලබන මස පළමුවනදා දක්වා තාවකාලිකව සංචාරකයන්ට මෙම බංගලාව වැසෙනු ඇත.
ජනවාරි මාසයෙන් පසු නිසි වර්ෂාපතනයක් නොමැති වීමෙන් විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රධාන විල් 27 ක් සහ වැව් 7 ක් සිඳී යමින් පවතින බවත් වාර්තා වෙයි.
මෙම තත්වය මත වන සතුන් ද ජලය සොයා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
D.Undugoda