FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අද (01) ලුම්බිණි නුවරට..

නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (01) ලුම්බිණි නුවරට පැමිණීමට නියමිතව ඇත.
​බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සිව්වන රාජ්‍ය නායක සමුළුව පසුගියදා නේපාලයේ කත්මණ්ඩුනුවර දී ආරම්භ විය.
බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
එහි පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (31) පිරිනැමීය.
D.Undugoda