චීනයේ – ටියැංජින් නගරයේ රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ඇතිවූ ප්‍රබල පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ එම ගින්නෙන් පුද්ගලයින් 100 කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
පිපිරීමට ලක්වූ ගොඩනැගිල්ල තුළ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇතැයි සදහන්.
එරට මාධ්‍ය වාර්තා කළේ ගින්න කර්මාන්ත ශාලාව අවට ප‍්‍රදේශය පුරා දරුණු ලෙස පැතිරෙමින් ඇති අතර එය නිවා දැමීම සදහා ගිනි ඒකක ක‍්‍රීයාත්මක බවයි.
ගින්නට හසුවූවන් සොයා සහන කණ්ඩායම් ක‍්‍රියාත්මක බව ද සදහන්.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.







