FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ ගිවිසුමකට අත්සන් කරයි.

‘ප්‍රතිජීවනය’ සිවිල් සමාජ සම්මුතියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සිවිල් සමාජ 128 ක් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී ඊයේ(12දා) සවස අත්සන් තැබීය.

ජාතික ආරක්ෂාව, හරිත ආර්ථිකය, ජාතික සමගිය, නීතියේ ආධිපත්‍යය හා සමාජ සමානාත්මතාව, ජාතික ප්‍රතිපත්තිය, දේශපාලන ප්‍රතිසංස්කරණය, සමාජ සුරක්ෂිතතාව, දරිද්‍රතාව යන අට වැදෑරුම් වැඩපිළිවෙළ මෙහි අන්තර්ගතය.

සිවිල් සමාජ නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.