FAST NEWS

24×7 Around the Globe

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට උපකාරක පන්ති තහනම ලිහිල් කරයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම සංශෝධනය කර ඇති බව අද නිවේදනය කළා.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අගෝස්තු 23 වනදා විභාගය පැවැත්වෙන බැවින් ඊට දින 5 කට පෙර ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන සහ සම්මන්ත්‍රණ නැවැත්විය යුතු බවයි.

එහෙත් අද නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එය දින 3ක් දක්වා අඩු කළ බවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්.