රටක්, සමාජයක් එක් පුද්ගලයෙකුට හෝ එක් කණ්ඩායමකට සීමාවූ දෙයක් නොවන බව අගමැති රනිල් වික‍්‍රම සිංහ පවසයි.
එමෙන්ම එය මහරජතුමා වන්දනාවක්ද නොවන බව ද ඔහු පැවසීය.
බත්තරමුල්ල වෝටර්ස් එජ්හි අද පැවති උත්සවයකදී අගමැතිවරයා මේ බව සදහන් කළේය.
මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික‍්‍රම සිංහ.
එවැනි ක්‍රමයක් මෙරට තිබිය නොහැකියි.
අපි සියලු දෙනාම එකට එකතු වී මේ ගමන යායුතුයි.
මේ සියලු දේ ගැන නිසි සංවාදවලට එළැඹි රටේ ජනතාවගේ ආදායම් නැංවීමට, නාස්තිය මුලිනුපුටා දැමීමට අයිතිවාසිකම් රැකීමට ඉකුත් ජනවාරි 8 වැනිදා සිදු කළ මේ සටනේ ඉදිරි පියවරට ඔබ හැම දෙනාම සහාය දක්වනු ඇතැයි විශ්වාස කරනවා.







