FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද පළාත් සභාවේ සභා නායකට ඇප නෑ.

උතුරු මැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාරට ඇප ලබාදීම හත්වන වතාවටත් අද ප්‍රතික්ෂේප කෙරිණ.

ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරියගේ නියෝගයකට අනුවයි.

සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතීඥයින් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේ සැකකරු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස ද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.

පළාත් සභා විමධ්‍යගත අරමුදල් යොදා දිළිදු ජනතාවට සෙවිලි තහඩු බෙදාදීමේ දී රුපියල් ලක්ෂ 9ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහණය කළ බවට උතුරු මැද පළාත් සභා නායකවරයා පසුගිය ජුනි මස 12 වැනිදා අත්අඩංගුවට ගත්තේය.