එළඹෙන මහ මැතිවරණයේ රාජකාරී සඳහා යෙදවීමට නියමිත රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ යුතු ජීවදත්ත සටහන අද දහවල් 12ට පෙර ඉදිරිපත් කළ යුතුයි.
ඒ සඳහා සියලු රාජ්‍ය සේවකයින් ආයතනික ප්‍රධානීන් හරහා දැනුවත් කර ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ.
මේ අතර උසස් පෙළ විභාග හේතුවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූවන්ට ලබන 14 වන දා ඊට අවස්ථාව පවතින බව ද සදහන්.







