FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් නැවත ප්‍රශ්න කෙ‍රෙයි..

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මහත්මියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඇය ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර පදිංචිව සිටින අතර නඩුවේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ඇගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් නැවත වරක් යම් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබු අතර, එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසුව මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරි බි.ඒ. තිසේරා හා වාණිජ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් විසින් මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇති බවත් වැඩි දුරටත් කියැවේ.
DE සිල්වා