FAST NEWS

24×7 Around the Globe

කම්කරු නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට යති..

දිවයින පුරා සේවය කරන සියලුම කම්කරු නිලධාරීන් ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසයි.
අල්ලස් ගත් බව කියමින් කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජන සිදු කෙරෙයි.

නුවරඑළිය කම්කරු විනිශ්චය සභාවේ පැවැති නඩු කටයුත්තකට සහභාගි වූ කම්කරු නිලධාරීන් දෙදෙනකුට ඔවුන්ට හිමි බටා මුදල් ලබා ගනිද්දී ඒවා අල්ලස් ලෙස අර්ථකථනය කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බවද එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකැයිද රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමය පෙන්වා දෙයි.
DE සිල්වා