FAST NEWS

24×7 Around the Globe

ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් තිදෙනෙකුගේ වැඩ තහනම්..

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙකන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙතකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලීස් පති විසින් කළ නියෝගයකට අනුව මෙම වැඩ තහනම් කිරිම සිදු කළ බවද හෙතෙම පවසයි.
ඉංගිරිය පොරුවදණ්ඩ කොස්හේන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු (28) රාත්‍රියේ බස්නැවතුම් පොළක් අසල සිටියදි ඉංගිරිය පොලීසියේ නිලධාරින් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම තරුණයන් දෙදෙනා පොලීසියට රැගෙනවිත් බිමතින් පහර දි ඇති බවට ගම්වාසීන් චෝදනා කරන අතර පහර කෑ තරුණයන් රෝහල්ගත කර ඇති බව පැවසේ.
DE සිල්වා