FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ 6.4 භූ කම්පනයක්..

ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතේ රිච්ටර් ඒකක 6.4 කින් යුත් ප්‍රබල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටියි.
ඉන්දුනීසියානු වේලාවෙන් අද (29) උදැසන 6:47 ට පමණ මෙම භූකම්පාව සිදුව ඇති බවත් සඳහන්
පළමු භූමිකම්පාවෙන් අනතුරුව ඒකක 5.4ක අගයකින් යුත් පසුකම්පනයක් එම ප්‍රදේශයේම සිදුව තිබේ.
මෙම භූමිකම්පා දෙකම ගොඩබිම සිදුව ඇති බවත් කිසිදු සුනාමි අනතුරක් මේ හේතුවෙන් ඇති නොවන බවයි අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
භූමිකම්පාවෙන් සිදුවූ ජිවිත හෝ දේපළ හානි ගැන මේ දක්වා වාර්තා වී නොමැත.
DE සිල්වා