FAST NEWS

24×7 Around the Globe

කොළඹට පැය 09 ක් ජලය කැපෙයි..

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (28) රාත්‍රී  09.00 සිට හෙට අළුයම 06.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.
මේ අනුව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මාලන, කළුබෝවිල, නැදිමාල ඇතුළු නුගේගොඩ ප්රබදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙයි.
එමෙන්ම රාජගිරිය රෝයල් පාර්ක්,ලේක් ගාඩ්න්,බණ්ඩාරණායකපුර, පැලවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
මීට අමතරව කොළඹ 05 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

DE සිල්වා