FAST NEWS

24×7 Around the Globe

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන් අකුරට වැඩ..

අගෝස්තු 01 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමය පවසයි.
පස්වරු 4.00 න් පසු සි.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් ගෙවීම් කිරීමේදී පවතින ගැටලු විසඳීමට කටයුතු නොකරන හෙයින් මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කළද, ගැටලුවලට විසඳුම් නොලැබෙන හෙයින් මෙම තීරණයට එළැඹ ඇත.
මෙම ගැටලුව විසඳන තෙක් සෑම දිනකම පස්වරු 4.00 සිට පැය 16ක කාලයක් සේවයෙන් ඉවත්වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
පැය 16ක කාලයක් දෛනිකව සේවයෙන් ඉවත්ව සිටින නිසා මෙම රෝහල් ඇතුළුව සි.ටී.ස්කෑන් පරීක්ෂණ සිදු කරන මූලික රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටින බවත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින්බාරගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
D.Undugoda