FAST NEWS

24×7 Around the Globe

කොළඹට විදුලිය කැපිම අද (27) නොවේ හෙට (28)යි..

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (27) දිනය තුළ ක්‍රියාත්මක කිරීමට තබූ පැය 06ක කාලයක් විදුලිය අත්හිටුවීම හෙට (28) දිනයේ සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඒ අනුව හෙට (28) පෙරවරු 09 සිට පස්වරු 03 දක්වා කොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශ සඳහා විදුලිය අත්හිටුවීමට නියමිතයි.
කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් විදුලිය අත්හිටුවිම සිදු කෙරෙයි.
ලබන 31 වන දින දක්වා නඩත්තු කටයුතු සිදු කෙරෙන බැවින් වරින් වර අවට ප්‍රදේශවලට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව එම මණ්ඩලය පවසයි.
DE සිල්වා