FAST NEWS

24×7 Around the Globe

විශේෂ මහාධිකරණයේ වැඩ අරඹයි..

මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩු ඇසීම සඳහා විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීම ආරම්භ කළ බව එක්සත් ජාතික පක්ෂය සිය නිල ට්ව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබේ.
එහි ප්‍රථමයෙන්ම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කර ඇති අතර ඔවුන්ට අධිචෝදනා භාරදුන් බවට එම පණිවිඩයෙහි සඳහන් වෙයි.
ගාමිණී සෙනරත්, පියදාන කුඩාබලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර නැමැති සැකකරුවන්ට මෙසේ අධිචෝදනා බාර දී ඇත.

DE සිල්වා