FAST NEWS

24×7 Around the Globe

අන්තරය නැවතත් විදී බසිති.

මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිම පක්ෂයකට  අධ්‍යාපනයේ ගැටළුවලට  විසඳුම් ලබාදීමට හැකියාව නොමැති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය  අවධාරණය කරයි. ඒ ඒ පක්ෂවල මැතිවරණ ප්‍රකාශ මේ බව සනාථ කර ඇතැයි අන්තරය පෙන්වාදෙයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (11) පස්වරු 2.30 ට පමණ කොළඹ ඇල්බට් චන්ද්‍රවංකයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අභියසින් විරෝධතා පාගමනක් ආරම්භ කළා. විරෝධතාකරුවන් කොටුව දෙසට ගමන් කිරීම හේතුවෙන් මේ වන විට මාර්ග අවහිරතාවක් හටගෙන තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය බල කර සිටින්නේ මාළඹේ ඇතුළුව මුදල් අයකර උපාධි ලබාදෙන ‘කඩ’ අහෝසි කළයුතු බවයි.