FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට සවස 02 න් පසුව වැසි..

ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව,මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද (26) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවද එහි සඳහන් වෙයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වන බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා