FAST NEWS

24×7 Around the Globe

සඳුදා (30) මධ්‍යම රාත්‍රි සිට දුම්රිය වර්ජනයක්..

ලබන සඳුදා (30) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය පාලක හා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සංගම් තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටළුවට විසඳුම් ලබාදීම ප‍්‍රමාදවීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව එම සංගම් පවසයි.
මීන් පෙර අවස්ථා කිහිපයකදී සිය ගැටළුව බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එයට විසඳුම් නොලැබුණු බවද එම සංගම් අවධාරණය කරයි.
DE සිල්වා