FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් නඩුව කල් යයි..

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය කල් දමයි.
ඒ සැප්තැම්බර් මස 12 වනදා දක්වාය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා රාජකාරි අවශ්‍යතාවයකට විදේශගත වී ඇති හෙයින් නඩු විභාගය කල් තබන ලෙසයි.
ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 12 වනදා දක්වා කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.